තම කඳවුරේ සිට හමුදා සොල්දාදුවන් පස් දෙනෙකුට වෙඩි තබා පළා ගිය හමුදා සෙබලෙකු එක් තැනකට කොටු කර ඔහු අල්ලා ගැනීම සඳහා දකුණු කොරියානු ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටින බව වාර්තා වන්නේ දැවැන්ත මිනිස් දඩයමක් ලෙසිනි.
මෙම ප්රහාරයෙන් එක් සොල්දාදුවෙකු තුවාල ලබා ඇති අතර, ගැන්ග්වොන් ප්රාන්තයේ, ගොසෙඔන්ග් නගරයේදී මෙම සොල්දාදුවා හා ආරක්ෂක අංශ අතර ප්රබල වෙඩි හුවමාරුවක් සිදුව ඇති බවද කියැවෙයි.
ඉම් නමැති සිය වාසගමින් පමණක් හඳුන්වා ඇති මෙම සොල්දාදුවා සෙනසුරාදා සවස මෙසේ විවෘත වෙඩි තැබීමක් සිදුකර ඇත්තේ කවර හේතුවක් නිසාද යන්න තවම තහවුරු කරගෙන නොමැති බවද කියැවෙයි.
මෙවැනිම වෙඩි තැබීමක් මීට පෙරද දකුණු කොරියානු හමුදා අංශ වෙතින් වාර්තා වූ බව විදෙස් පුවත් සේවා පවසයි.