තම ආහාරය වෙනුවෙන් සර්ප ගොදුරක් බෙදාගැනීමට නොහැකිව රාජාලියන් තිදෙනෙකු දරුණු සටනකනිරත වූ ආකාරය දැක්වෙන සුවිශේෂී ඡායාරූප කිහිපයකි මේ.
නැම්බියාවේ, කග්ලගාඩි ජාතික වනෝද්‍යානයේ සැරිසැරූ විෂඝෝර සර්පයා දෙස මේ රාජාලියන් තිදෙනාම ඇස ගසාගෙන සිටියත්, අවසානයේ එක් රාජාලියෙකු ඌ ඩැහැගැනීමත් සමග මේ සටන ඇතිවූ බව මෙම ඡායාරූප ලබාගත් අන්ජා ඩෙන්කර් පවසයි.
සාමාන්‍යයෙන් ඇස නොගැටෙන මේ සටන පොළොවේ මෙන්ම ගුවනේද ඇතිවූ බව අන්ජා පවසන්නේ යැයි ඩේලිමේල් වාර්තා කරයි.නමුත්, මුලින්ම ගොදුර ඩැහැගත් රාජාලියා කිසිම ආකාරයකින් තම ගොදුර අත් නොහැරි බවද ඡායාරූප ශිල්පියා වැඩිදුරටත් පවසයි.