සමූහ දූෂණයට ලක්වූ දැරියන් දූෂණයට ලක්ව නැති බවට අලුත් වාර්තාවක්
සමූහ දූෂණයකට ලක්කර, ගසක එල්ල මරා දමා සිටියදී පසුගිය මැයි මාසයේදී සොයාගත් උතුරු ඉන්දියානු තරුණියන් දෙදෙනා දූෂණයකට ලක්ව නොමැති බවට නවතම අධිකරණ වෛද්‍ය වර්තාවෙන් කියැවෙන බව වාර්තා වෙයි.
උත්තර් ප්‍රදේශ් හි ගසක එල්ලා සිටියදී සොයා ගැනුණු මෙම තරුණියන් දෙදෙනාගේ ඝාතනය ඉන්දියාව තුළ මහත් කැළඹුවක් ඇති කළ සිදුවීමක් විය.
එහිදී, මේ සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට පත්වූ අතර, ඉන් දෙදෙනෙකු පොලිස් නිලධාරීන් වූහ.
කෙසේ වෙතත් මරණය සිදුවූ අවස්ථවේදී සිදුකළ මරණ පරීක්ෂණයේදී දැරියන් සමූහ දූෂණයට ලක්ව ඇති බවත්, පසුව ඔවුන් ඝාතනයට ලක්ව ඇති බවත් කියවුණි.
ආරම්භයේදී ප්‍රාන්ත පොලීසිය විසින් සිදුකළ පරීක්ෂණය, පසුව ඉන්දීය මධ්‍යම බුද්ධි අංශයේ ෆෙඩරල් බුද්ධි නිලධාරීන් වෙත භාර කෙරිණි.
කෙසේ වෙතත් එක් දැරියකගේ පියෙකු පවසා සිටියේ පසුව ලැබුණු අධිකරණ වෛද්‍ය වාර්තාවෙන් තමන් පුදුම වූ බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

