ඉන්දිය මවක හා දියණියක සමූහ දූෂණයකට ලක්කළ දූෂකයන් සිය ජීවිතය ඉල්ලා ඇයද සිටින තුරුම ඔවුන්ව දැඩි වද හිංසනයට ලක්කරන ලෙස එරට අමාත්‍යවරියක අණ කර තිබේ.
ඉන්දියාවේ ජල සම්පත් සංවර්ධන අමාත්‍ය උමා භාර්තී පවසා සිටියේ මෙම දූෂකයන් කකුල් දෙකින් එල්ලා වද දෙන අවස්ථාවේදී ඔවුන් විසින් දූෂණය කළ කාන්තාවන්ට එම අවස්ථාව නැරඹීමටද අවස්ථාව සැලසූ බවයි.
"ඔවුන් ජීවිතය ඉල්ලා ඇයද සිටින තුරු ඔවුන් විසින් දූෂණයට ලක්කළ කාන්තාවන් ඉදිරියේදීම මේ දූෂකයන්ට දැඩි දඬුවම් ලබාදිය යුතුයි" යනුවෙන් අමාත්‍යවරිය පවසා සිටියි.
2016 ජූලි මාසයේදී බුලාන්ද්ෂාර් ප්‍රදේශයේ සිදුවූ සමූහ දූෂණයක් සම්බන්ධයෙන් සිය අවධානය යොමු කරමින් අමාත්‍යවරිය මෙම දඬුවම් පැමිණවීම සිදුකර ඇති අතර, උත්තර් ප්‍රදේශ ප්‍රාන්ත රජයෙන් අදළ කාන්තාවන්ට යුක්තිය ඉටු නොවන අවස්ථාවේදී ඇය ඉදිරිපත්ව මෙම දඬුවම් පැමිණවීම සිදුකර ඇති බවද වාර්තා වෙයි.
"මේ දූෂකයන්ව කකුල් දෙකෙන් එල්ල ඔවුන්ගේ මස් එලියට එනකල් පහර දිය යුතුයි."
"පස්සෙ මේ තිරිසන්නු කෑමොර දෙනකල්ම, ලුණුයි, මිරිසුයි මොවුන්ගෙ තුවාලවල තැවරිය යුතුයි. මේ සිදුවීම ඔවුන් අතින් අතිශය අමානුෂික ලෙස දූෂණයට ලක්වූ කාන්තාවන් බලා සිටිය යුතුයි" අමාත්‍යවරිය මේ දරුණු වද බන්ධනය විස්තර කර ඇත්තේ එලෙසිනි.
ඉන්දියාව තුළ සමූහ දූෂණ සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා විශාල කතාබවක් ඇති වූ අතර, එම දූෂකයන්ට එරෙහිව නීතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන්ද ගැටලු මතු විය.