ක්රිමියාව යුක්රේනයෙන් රුසියාව වෙත ඈඳා ගැනීමේ නීති කෙටුම්පතට අත්සන් තැබීම රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටීන් විසින් විසින් සිදුකරන ලදී.
යුරෝපා සංගමයෙන් හා ඇමෙරිකා එක්සත් ජනපදයෙන් රුසියාව වෙත පනවා ඇති සම්බාධක තඹයකට නොතකමින් ජනාධිපති පූටීන් මෙසේ නීති කෙටුම්පත බලාත්මක කළේය.
මේ අතර, රුසියාව ක්රිමියාව තුළ සිය බලය පැතිර වීමට විරෝධය දක්වමින් යුරෝපා සංගමයේ රාජ්ය නායකයන් විසින් රුසියානු දේශපාලනයේ ප්රබල පුද්ගලයන් 12ක් නියෝජනය කරමින් සම්බාධක පනවා තිබේ.
එමෙන්ම, පසුගිය සිකුරාදා යුක්රේනය හා යුරෝපා සංගමය අතර වඩා කිට්ටු දේශපාලනික සම්මුතියක් වෙනුවෙන් ගිවිසුම් අත්සන් කිරීමක්ද සිදුවිය.