කෑන්ස් චිත්රපට උළෙලට සහභාගී වූ කාන්තා සිනමා තාරකාවන් චිත්රපට කර්මාන්තය තුළ ලිංගිකත්වය පදනම් කරගෙන සිදුවන වෙනස්කම්වලට එරෙහිව නිහඬ විරෝධතාවක නිරත වී තිබේ.
රතු පලස් මත සිදුවූ මෙම විරෝධතාවට හොලිවුඩයේ ප්රකට තාරකාවන් රැසක් සහභාගී වූ බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
විශේෂයෙන්ම මෙම සුවිශේෂී සිනමා සම්මාන උළෙල තුළ කාන්තාවන් අධ්යක්ෂණය කරන චිත්රපට සඳහා වැඩි අවස්ථාවක් ලබා නොදෙන බවට විවේචන එල්ල වී ඇත.