කාර්ය මණ්ඩලයේ 44 දෙනෙකු සමග ආර්ජන්ටිනා සබ්මැරීනය අතුරුදන්ව ඇති දකුණු අත්ලාන්තික සාගරයෙන් අසාමාන්‍ය පිපිරුම් හඬක් ඇසුණු බව එරට නාවික හමුදාව පවසයි.
ආර්ජන්ටිනා නාවික හමුදා ප්‍රකාශකට අනුව මෙය අතිශය අසාමාන්‍ය, එක්වරම නැගුණු, අතිශය බිහිසුණු සහ න්‍යෂ්ටික නොවන පිපිරීමකි.
ඒ.ආර්.ඒ. සැන් ජුආන් සබ්මැරීනය පසුගිය බදාදා දිනයේදී දකුණු අත්ලාන්තික් සාගරයේදී අතුරුදන් විය.
රුසියාව සහ ඇමෙරිකාව ප්රමුඛව තවත් බලවත් රාජ්‍යයන් රැසක් මෙම සබ්මැරීනය සෙවීම සඳහා ආර්ජන්ටිනාවට සහාය පළ කර තිබේ.
එරට නාවික හමුදාවට අනුව මෙම පිපිරීම සිදුවූ ප්‍රදේශය හඳුනාගැනීමට හැකිව තිබුණත්, එය කවර හේතුවක් නිසා සිදුවූ පිපිරීමක්ද යන්න මෙතෙක් අනාවරණය කරගෙන නොමැත.
ඒ අනුව, මේ වනවිටත් ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් සිදුවන බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.