කාර්මික දෝෂයක් හේතුවෙන් අක්‍රීය වූ සඳ මත පවතින චීනයේ ප්‍රථම රෝවර් රථය හෙවත් ‘ජේඩ් රැබිට්’ නැවත යාථාතත්ත්වයට ගැනීමට හැකිවනු ඇති බව වාර්තා වෙයි.
සඳ මත ඇති රෝවර් රථය නැවත පණගැන්වීමට හැකිවී ඇති බවත්, එය ආරක්ෂා කරගැනීමට අවස්ථාවක් උදාවෙමින් පවතින බවත් චීන බලධාරීන් උපුටා දක්වමින් ෂිංහුවා පුවත් සේවය වාර්තා කරයි.
‘ජේඩ් රැබිට්’ රෝවරය පසුගිය ජනවාරි මාසයේ සිට ප්‍රබල කාර්මික දෝෂයකට ලක්ව තිබේ.
පසුගිය දෙසැම්බර් මාසයේදී සඳ මතට ගිය ‘ජේඩ් රැබිට්’ වර්ෂ 1976 න් පසුව සාර්ථකම සඳ තරණය සිදුකළේය.
එහිදී, මෙම රෝවර් රථය මාස තුනක කාලයක් සඳ මත පර්යේෂණ කටයුතු සඳහා යෙදවීමට චීනය බලාපොරොත්තු විය.
මීට පෙර චීන මාධ්‍ය පෙන්වා දී තිබුනේ කාර්මික දෝෂය හේතුවෙන් ‘ජේඩ් රැබිට්’ රෝවරය සඳ මත මිය යමින් පවතින බවය.