මේ වනවිට ගාසා තීරයේ පවතින සටන් විරාමය පුළුල් සාම සාකච්ඡාවකට යෑම සඳහා අඩිතාලම කරගන්නා ලෙස ඇමෙරිකානු රාජ්ය ලේකම් ජෝන් කෙරී ඊශ්රායලයෙන් හා පලස්තීනයෙන් උදක්ම ඉල්ලා සිටියි.
බී.බී.සී.ය වෙත අදහස් දක්වමින් කෙරී පවසා සිටියේ වත්මන් තත්ත්වය සාකච්ඡා සඳහා මනස සකසා ගැනීමට හොඳ තත්ත්වයක් බවයි.
පැය 72ක කාලයක් සඳහා ඊයේ ආරම්භ වූ සටන් විරාමය ජීවිත 1900කට ආසන්න ප්රමාණයක් බිලිගත් සති හතරක ගැටුම්කාරී වාතාවරණයට තාවකාලිකව තිත තබා තිබේ.
එමෙන්ම, ඊශ්රායලය මෙන්ම පලස්තීනය තම කණ්ඩායම් ඊජිප්තුවේ කයිරෝ වෙත පිටත්කර හරිමින් සටන් විරාමය දීර්ඝ කරගැනීමේ හැකියාව වෙනුවෙන් සාකච්ඡා කිරීමට නියමිත බවද වාර්තා වෙයි.