අභ්‍යාවකාශයේ කොතැනක හෝ ජීවයක් තිබේද යන පැනයට පිළිතුරු සැපයීම සඳහා නැවත වරක් මහාචාර්ය ස්ටීවන් හොව්කින් ඉදිරිපත් වී තිබේ.
වසර 10ක් පුරා සිදුකෙරන මෙම පර්යේෂණයේදී පෘථිවියට ආසන්න මිලියන ගණනක් වූ තාරකාවන්ගෙන් පැමිණි සංඥා ඇහුම්කන් දීමට නියමිතය.
ඒ අනුව, මෙම වැඩපළිවෙළ වෙනුවෙන් මූලික වශයෙන් ඇ.ඩො.මිලියන 100ක මුදලක් යෙදවීමට සැලසුම් කර තිබේ.
"මේ සක්වල කොතැනක හෝ බුද්ධිමත් ජීවයක් පැවතිය හැකියි. ඔවුන් අපේ ආලෝකය දෙස බලාසිටිනවා විය හැකියි. ඒ නිසා ඔවුන් කියන දේ පිළිබඳ අවදියෙන් සිටිය යුතුයි." යනුවෙන් හොව්කින් පවසා තිබේ.