සංක්‍රමණිකයන් වැඩිම පිරිස 2016 දී ජර්මනිය හැරයයි
ජර්මනියට පැමිණි සංක්‍රමණිකයන්ගෙන් වාර්තාගත පිරිසක් මෙම වසර තුළදී ස්වෙච්ඡාවෙන්ම ජර්මනිය අත්හැර ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඒ අනුව, මෙම වසරේදී සංක්‍රමණිකයන් 55,000ක් ජර්මනියෙන් පිටත්ව ගොස් ඇති අතර, එය පසුගිය වසර සමග සැසඳීමේදී දෙගුණයකි.
2016 වසරේ ජනවාරි සිට නොවැම්බර් දක්වා දත්ත පෙන්වාදෙන එරට සංක්‍රමණික හා සරණාගත කාර්යාලය පෙන්වා දෙන්නේ ඔවුන් වැඩි දෙනා බටහිර බෝල්කන් රාජ්‍යයන් වෙත ගිය බවයි.
එසේ ගිය පිරිසෙන් 15,000ක් වන වැඩිම පිරිස ඇල්බේනියානුවන් බවත්, තවත් 5,000 බැගින් පිරිස් සර්බියාව, ඉරාකය හා කොසෝවෝ යන රාජ්‍යයන්ගෙන් ජර්මනියට පැමිණි අය බවත් කියැවෙයි.
මේ අතර, 2016 වසරේදී ජර්මානුවන් විසින් එරට බලහත්කාරයෙන් රැඳී සිටි තවත් සංක්‍රමණිකයන් 25,000ක් රටින් පිටුවහල් කරනු ලැබීය.
කෙසේ වෙතත්, පසුගිය වසරේදී ජර්මනිය වෙත මිලියනයකට ආසන්න නීතිවිරෝධී සංක්‍රමණිකයන් පිරිසක් ඇතුළු වූ අතර, ඔවුන් වැඩිදෙනා සිරියාව, ඇෆ්ගනිස්ථානය ආදී රටවලින් පැමිණියහ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

