යුරෝපය වෙත පැමිණෙන සංක්‍රමණිකයන් 120,000ක් බෙදාගැනීමට බහුතර ඡන්දයෙන් එකඟ වූ කෝටා ක්‍රමය ගැන කඩිනම් සාකච්ඡාවක් බ්රසල් නුවර පැවැත්වෙන බව කියයි.
මෙම කෝටා ක්‍රමයට එරෙහිව ස්ලොවැකියාව අධිකරණය වෙත යෑමත් සමග මෙම කඩිනම් සාකච්ඡාව පවත්වා තිබේ.
මේ අතර, හංගේරියානු අගමැතිවරයාද ස්ලොවැකියාවේ අධිකරණ ක්‍රියාමාර්ගය වෙත සහාය දක්වා ඇති අතර, ඒ සම්බන්ධයෙන් ඔවුන්ට ඇති ප්රජාතන්ත්රවාදී අයිතිය ගැන කතා කර තිබේ.
සිරියාව ප්රමුඛ රාජ්‍යයන් හි සිට යුරෝපය වෙත උදම් රළක් සේ ඇදෙන සංක්‍රමණික අර්බුදය මේ වනවිට යුරෝපා සංගමය තුළ බලවත් බෙදීමක් ඇති කර තිබේ.