සංක්‍රමණිකයන්ට ක්‍රොඒෂියා දොරත් වැසේ
යුරෝපය වෙත ඇදී එන සංක්‍රමණිකයන් ක්‍රොඒෂියාවේ සර්බියා දේශසීමාවල වූ කැරලි මර්ධන පොලීසියේ බාධක බිඳගෙන ඉදිරියට ඇදීමට උත්සාහ දරන බව වාර්තා වෙයි.
පසුගිය බදාදා උදෑසන සිට මේ වනවිට ක්‍රොඒෂියාව හරහා යුරෝපය වෙතට පැමිණීමට 7,300ක් පමණ පැමිණ ඇති අතර, මෙසේ විශාල පිරිසක් පැමිණීම හමුමේ එරටද දැඩි අර්බුදයකට ලක්ව තිබුණි.
මීට පෙර හංගේරියාව සිය දේශසීමා වසා දැමීමත් සමග, සංක්‍රමණිකයන්ට යුරෝපය වෙත ගමන් කිරීමට ක්‍රොඒෂියාව අවසර ලබාදුන්නත්, තත්ත්වය පාලනය කරගැනීමට නොහැකි වීමෙන් ඔවුන්ද පොලිස් බාධක යොදන්නට විය.
ඒ අනුව යමෙකු සිය දේශසීමා තරණය කරන්නේ නම්, ඔවුන් සරණාගතයන් ලෙස අයදුම් කළ යුතු බවත්, එසේ නොමැති නම් පැමිණෙන පිරිස් නීතිවිරෝධී සංක්‍රමණිකයන් ලෙස සලකන බවත් එරට පවසයි.
කෙසේ වෙතත්, ඊයේ හංගේරියාව හා සර්බියාව අතර දේශසීමාවේදී සංක්‍රමණිකයන් හා හංගේරියානු පොලීසිය ගැටුණු අතර, මෙහිදී කඳුළු ගෑස් ප්‍රහාර පවා එල්ල විය.
කෙසේ වෙතත්, එම අවස්ථාවේදී හංගේරියානු පොලීසිය ක්‍රියාකළ ආකාරය පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිකිමක් නිලධාරීන් දැඩි විවේචනයක් එල්ල කර තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

