උතුරුදිග යුරෝපය වෙත ඇතුළුවීම සඳහා පැමිණෙන සංක්‍රමණිකයන් වෙත සිය දේශසීමා තරණයට අවසර ලබාදීමට ක්‍රොඒෂියාව කටයුතු කර ඇති බව වාර්තා වෙයි.
සර්බියාව හරහා යුරෝපයට ඇතුළු වීමට පැමිණෙන සංක්‍රමණිකයන්ට හංගේරියාවේ දේශසීමා දොරටු වැසීමත් සමග ක්‍රොඒෂියාව මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව, 150කට අධික සංක්‍රමණිකයන් පිරිසක් මේ වනවිටත් සර්බියාවේ සිට ක්‍රොඒෂියාව හරහා උතුරු යුරෝපය වෙත සිය සංචාරය අරඹා ඇති බව කියැවෙයි.
IS ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන් හා සිවිල් ගැටුම් හේතුවෙන් අරාජික වී ඇති සිරියානු මෙන්ම, ඇෆ්ගනිස්ථානය ආදී රටවලින් පැමිණෙන සංක්‍රමණිකයන් පසුගිය කාලය පුරා මෙසේ දහස් ගණනින් යුරෝපය වෙත ඇදෙමින් සිටියි.
නමුත්, මෙම සංක්‍රමණිකයන් පාලනයට පසුගියදා හංගේරියාව සිය දේශසීමා වසා දැමූ අතර, එසේ අනවසරයෙන් දේශසීමා පනින වුන් අත්අඩංගුවට ගන්නා බවද කියා සිටියේය.