තායි දේශසීමා ආසන්නයේ මිනිස් ජාවාරම් සිදුවන කඳවුරු 28ක සංක්රමණිකයන්ගේ සොහොන් 139ක් හඳුනාගෙන ඇති බව මැලේසියානු පොලීසිය පවසයි.
මැලේසියානු ජාතික පොලිස් ප්රධානී ඛලීඩ් අබු බකර් පවසා සිටියේ මැයි 11 වැනිදා සිට සොයා ගැනුණු මෙම ඇතැම් සොහොන් තුළ මළ සිරුරු එකකට වඩා වැඩි ප්රමාණයක් වළදමා තිබේ.
මෙම බොහෝ සොහොන් තායිලන්ත දේශසීමාව ආසන්නයේ සංක්රමණික කඳවුරු ආශ්රිතව සොයා ගෙන තිබේ.