මධ්‍යධරණී මුහුදේ අනවසර සංක්‍රමණිකයන් 600කට වැඩි පිරිසක් රැගත් බෝට්ටුවක් අනතුරට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
මෙම අනතුරට පත් බෝට්ටුව සොයා සෝදිසි මෙහෙයුම් අරඹා ඇති අතර, එකී මෙහෙයුම්වල නිරත අයර්ලන්ත නාවුක හමුදාව පවසා ඇත්තේ මෙම අනතුරින් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
කෙසේ වෙතත්, ඉතාලි වෙරළාරක්ෂකයන් හා එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය පවසා ඇත්තේ පුද්ගලයන් 400ක් බේරාගැනීමට හැකි වූ බවයි. එමෙන්ම, මියගිය පුද්ගලයන් 25 දෙනෙකුගේ සිරුරු හමුවූ බවත් ඔවුන් පවසා තිබේ.
2015 වසර ආරම්භයේ සිට මේ දක්වා අනවසරයෙන් යුරෝපයට ඇතුළු වීමට පැමිණි සංක්‍රමණිකයන් 2,000ක් පමණ මේ දක්වා ජීවිතක්ෂයට පත්ව තිබේ.