ඊජිප්තු මුහුදේදී සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් පෙරළීමෙන් පුද්ගලයන් රැසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
මෙම විශාල බෝට්ටුව පෙරළී යන අවස්ථාවේදී එහි සංක්‍රමණිකයන් 600ක් පමණ සිට ඇති අතර, එහිදී, බේරාගැනීමට හැකිවී තිබෙන්නේ පුද්ගලයන් 150ක් පමණි.
ඊජිප්තුවේ කෆර් අල්-ෂෙයික් වෙරළට ඔබ්බෙන් මෙම අනතුර සිදුව ඇති අතර, යුරෝපයට අනවසරයෙන් ඇතුළු වීම සඳහා සංක්‍රමණිකයන් ඊජිප්තුව යොදාගැනීම නිසා මෙම වෙරළ තීරයේ අනතුරු බහුල වී ඇති බවද වාර්තා වෙයි.
මෙම බෝට්ටුවේ ඊජිප්තු, සිරියානු, අප්‍රිකානු සංක්‍රමණිකයන් සිටි බව රොයිටර් පුවත් සේවය පවසයි.
2015 වසරේදී මධ්‍යධරණී සාගරය හරහා යුරෝපයට ඇතුළු වීමට පැමිණි අනවසර සංක්‍රමණිකයන් 6,600ක් පමණ දියේ ගිලී ජීවිතක්ෂයට පත්විය.
2016 වසරේදී මේ දක්වා සංක්‍රමණිකයන් 3,000කට ආසන්න පිරිසක් දියේ ගිලීම නිසා ජීවිතක්ෂයට පත්ව තිබේ.