නැගෙනහිර යුක්රේනයේ ඩොනෙට්ස්ක් ගුවන් තොටුපළ ආසන්නයේ ෂෙල් වෙඩි ප්රහාර පතිත වීමත් සමග පසුගිය සිකුරාදා ආරම්භ වූ යුක්රේන සටන් විරාමය දෙදරා යමින් පවතින බව කියැවෙයි.
සෙනසුරාදා දවස පුරා සටන් විරාමය බොහෝ පළාත්වල හොඳින් ක්රියාත්මන වුවත් මරියුපෝල් හි ෂෙල් ප්රහාර එල්ල වූ බවත්, කාන්තාවක් ජීවිතක්ෂයට පත්වූ බවත් වාර්තා වෙයි.
එය තවදුරටත් ක්රියාත්මක වෙමින් මෙසේ ඩොනෙට්ස්ක් ගුවන් තොටුපළ ආශ්රිතවද අද උදෑසන ෂෙල් ප්රහාර එල්ල වී තිබේ.
කරුණු 12ක් ඉදිරිපත් කරන සාම ගිවිසුමකට මාර්ගය විවිර කරමින් රුසියානු හිතවාදී කැරලිකරුවන් හා යුක්රේනය මෙම සටන් විරාමයට එළඹුණි.
කෙසේ වෙතත්, දෙපාර්ශ්වයම මෙම සටන් විරාමය වෙත විශ්වාසනීයව අවතීරණ වීමක් දැකිය නොහැකි බවට චෝදනා එල්ල වෙයි.