ෂී-ජින්පින් ඉන්දීය සංචාරය අරඹයි
චීන ජනපති ෂී-ජින්පින් සිය දකුණු ආසියානු සංචාරයේ අවසන් ගමනාන්තය වන ඉන්දියාව වෙත අද (17දා) පැමිණියේය.
දෙරටේ වෙළෙඳාම ශක්තිමත් කරගැනීමත්, දේශසීමා සම්බන්ධයෙන් දශක ගණනාවක් පුරා පවතින මතභේද විසඳා ගැනීමත් සම්බන්ධයෙන් මෙම සංචාරයේදී චීන ජනාධිපතිවරයා සමග ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි කටයුතු කරනු ඇති බව පැවසෙයි.
ඉන්දියාව හා චීනය හිමාලය ආශ්රිත දේශසීමා පිළිබඳ මතභේදයක සිටි අතර, ඒ වෙනුවෙන් 1962 දී සුළු යුදමය වාතාවරණයකටද පිවිසියේය. මේ වනවිට එම අර්බුදය අළුයට ගිනිමෙන් වරින් වර මතුවිය.
කෙසේ වෙතත්, ඉන්දියාවේ නව අගමැති නරේන්ද්‍ර මෝදිගේ විදේශ ප්‍රතිපත්තිය චීනය සමග වඩාත් සහයෝගී විදේශ ප්‍රතිපත්තියක් වනු ඇති බවත්, දෙරටේ වෙළෙඳ කටයුතු පුළුල් කරමින් චීනය සමග සම්බන්ධතා වැඩිකර ගැනීමට ඔහු උත්සාහ කරනු ඇති බවත් විශ්ලේෂකයන්ගේ අදහසයි.
පසුගිය ජූලි මාසයේදී මෙම නායක දෙපළ බ්‍රික්ස් රාජ්‍යයන්ගේ නායක සමුළුවේදී මුණ ගැසුණු අතර, එහිදී, ද්වීපාර්ශ්වික සම්බන්ධතා ගැන ඔවුන් මූලික වශයෙන් සාකච්ඡා කර තිබුණි.
චීන නායකයා සිය දෙදින ශ්‍රී ලංකා සංචාරය අද (17දා) නිමා කරමින් ඉන්දියාව වෙත පැමිණියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

