ශ්රීදෙවි දේහය ඥාතීන්ට භාරදීම සිදුවෙයි
ශ්‍රීදේවිගේ මරණය සම්බන්ධ අධිකරණ ක්‍රියාවලිය අවසන් කරමින් ඇගේ දේහය ඥාතීන්ට භාරදීම ඩුබායි පොලීසිය විසින් සිදුකර තිබේ.
54 වැනි වියෙහි පසුවූ ශ්‍රීදේවිගේ මරණය ඇය රැඳී සිටි හෝටල් කාමරයේ ටබ් එක වෙතට සිහිසුන්ව අැද වැටීමෙන් අහඹු දියේ ගිලීමකින් සිදුවූවක් බව හදිසි මරණ පරීක්ෂණයෙන් කියවුණි.
කෙසේ වෙතත්, ඇගේ මරණය ඩුබායි හි විවාහ මංගල උත්සවයකට සහභාගී වෙමින් සිටියදී ඇති වූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් සිදුවූවක් බව මුලින් වාර්තා විය.
මේ අතර, මෙම මරණය සම්බන්ධයෙන් යම් යම් සැක මතුවීම හේතුවෙන් එය ඥාතීන්ට භාරදීම තරමක් ප්‍රමාද කෙරුණු අතර, නීතිපති දෙපාර්තමේන්තුව වෙත ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට භාරදීම ඊයේ සිදුවිය.
ඒ අනුව, මේ වනවිට සියලු නීතිමය කටයුතු අවසන්ව දේහය ඥාතීන්ට භාරදීම සිදුව ඇති අතර, එම්බාම් කිරීමෙන් අනතුරුව දේහය ගුවන් මගින් මුම්බායි වෙත ගෙන ඒමට සූදානම් කරමින් සිටියි.
මේ අතර ශ්‍රී දේවි වෙත අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල පිරිසක් ඇගේ මුම්බායි නිවස සමීපයේ රැස්ව සිටින බවද ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


