වෙනිසියුලා වත්මන් ජනපති නිකොලාස් මදූරෝ යළිත් වරක් වසර හයක කාලයක් සඳහා තේරීපත්ව තිබේ.
එරට විරුද්ධ පක්ෂ කිහිපයක්ම මෙවර මැතිවරණය වර්ජනය කිරීම සහ මහා පරිමාණ ඡන්ද දූෂණ සිදුවූ බවට චෝදනා නැගෙන වාතාවරණයක ඔහු මෙම ජයග්‍රහණය ලබාගෙන ඇත.
වත්මන් වෙනිසියුලාව යනු ආහාර ආහාර හිඟයකින්ද පීඩා විඳින රාජ්‍යයකි. එරට තුළ පවතින දැඩි ආර්ථික අර්බුදය මේ තත්ත්වයට හේතුව බව කියැවේ.
මෙවැනි වාතාවරණයක් තුළ මෙවර මැතිවරණයේ සමස්ත ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණය 46%ක් ලෙස සටහන් විය.
මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමත් සමග ප්‍රධාන විරුද්ධ පක්ෂ නායක හෙන්රි ෆැල්කෝන් සමස්ත මැතිවරණ ප්‍රතිඵලය ප්‍රතික්ෂේප කළේය.
මෙය නීත්‍යනුකූල ප්‍රතිඵලයක් ලෙස පිළිනොගන්නා බව සඳහන් කළ ඔහු, නව මැතිවරණයක් ඉල්ලා සිටියේය.