තායිලන්තයේදී වෙනත් කාන්තාවකගේ ගර්භාෂය භාවිත කරමින් බිහිකළ දරුවන් රැගෙන රටින් පිටව යාමට තැත්කළ විදේශිකයන් හතර දෙනෙකුගේ ගමන් අත්හිටවීමට තායිලන්ත බලධාරීන් පියවර ගත් බව බැංකොක් නගරයෙන් වාර්තා වෙයි.
ඔස්ට්‍රේලියානු සහ ඇමෙරිකානු ජාතිකයන් වූ එම විදේශිකයන්ට දරුවන් රැගෙන යාමට අවශ්‍ය නම් භාරකාරත්වය සහතික කරමින් බලපත්‍ර ඉදිරිපත් කරන මෙන් අධිකරණය නියෝග කර ඇත.
වෙනත් කාන්තාවන්ගේ ගර්භාෂ භාවිෙ කරමින් වාණිජ මට්ටමෙන් දරුවන් බිහිකර විදේශිකයන්ට ලබදීමේ ව්‍යාපාරය නැවැත්වීමට තායිලන්තයේ හමුදා ආණ්ඩුව මේ වනවිට අවශ්‍ය නීති සකස් කරමින්ඇති බවත් වාර්තා වෙයි.
මේ සම්බන්ධයෙන් තායිලන්ත බලධාරීන්ගේ දැඩි අවධානය යොමු වූයේ ඕස්ට්‍රේලියානු ජාතික යුවලක් තායිලන්ත කාන්තාවකගේ ගර්භාෂය භාවිත කරමින් බිහි කර ගත් දරුවා මානසික සහ ශාරීරික ආබාධයකින් පෙළෙන බැවින් එම දරුවා අත්හැර යාමේ සිද්ධියෙන් පසුවය.