කේම්බ්‍රිජ් ආදිපාද විලියම් කුමරු ගුවන් ගිලන් යානා ඒකකයේ ගුවන් නියමුවෙකු ලෙස කටයුතු කිරීමට සූදානම් වන බව මහා බිතාන්යයෙන් වාර්තා වෙයි.
කෙන්සින්ග්ටන් මාලිගය නිකුත්කළ නිවේදනයක දැක්වෙන්නේ විලියම් කුමරු නැගෙනහිර ඇන්ග්ලියන් ගුවන් ගිලන් යානා ඒකකයේ දිවා රෑ වැඩමුරයට මෙලෙස සම්බන්ධ වී සිටින බවයි.
ඒ අනුව, ගුවන් ගිලන් යානා ඒකකයේ ගුවන් නියමුවෙකු ලෙස සිදුකරන ඔහුගේ මූලිකම කාර්යභාරයට අමතරව, තවත් ඕනෑම කාර්යයක් වෙනුවෙන් ඔහු සූදානම් බවද කියැවෙයි.
මාලිගයේ ප්‍රකාශකයෙකු පවසා සිටින්නේ මෙම අලුත් කාර්යය සම්බන්ධයෙන් කුමරු අතිශය කැමැත්තෙන් හා උනන්දුවකින් පසුවන බවයි.