ඇෆ්ගන් සොල්දාදුවකු සිදුකළ වෙඩි තැබීමකින් ඝාතනයට ලක්වූ නේටෝ හමුදාවට අනුයුක්තව සේවය කළ ඇමෙරිකානු හමුදා ජෙනරාල් ජෙන් හැරල්ඩ් ග්රීනේ සැබෑ වීරයෙකු බව ඇමෙරිකාව පවසයි.
ජෙනරාල් ග්රීනේ යනු වියට්නාම් යුද්ධයෙන් පසු ඇමෙරිකානු ඉතිහාසයේ විදේශයකදී මරණයට පත්වූ ජ්‍යෙෂ්ඨතම ඇමෙරිකානු හමුදා නිලධාරියා බව පැවසෙයි.
හෙතෙම ජීවිතක්ෂයට පත්ව තිබුනේ බ්‍රිතාන්‍ය විසින් පවත්වාගෙන යනු ලබන ඇෆ්ගන් හමුදා කඳවුරක් තුළදීය.
මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකර ඇති ඇෆ්ගන් ජනාධිපති හමීඩ් කර්සායි පවසා ඇත්තේ මෙය බියගුලු ප්‍රහාරයක් බවයි.
එම කඳවුර තුළ විවෘත වෙඩි තැබීමක් සිදුකළ ඇෆ්ගන් සෙබලාද මෙම ප්‍රහාරය අතුරතුර ජීවිතක්ෂයට පත්ව තිබේ.