කාන්තා කොමුපිළි නිෂ්පාදනයේ ලොව දැවැන්තයෙකු වන වික්ටෝරියාස් සීක්‍රෙට් සමාගම වාර්ෂිකව පවත්වන විචිත්‍රවත් විලාසිතා දැක්ම මෙවර ප්‍රථම වතාවට යුරෝපයෙන් හා ඇමෙරිකා එක්සත් ජනපදයෙන් පිටත චීනයේදී පවත්වා තිබේ.
කෙසේ වෙතත්, මෙවර විලාසිතා දැක්මට සහභාගී වීමට පැමිණි කෙටී පෙරී සහ ගිගී හාඩිඩ් වෙත චීන වීසා නිකුත් කිරීමට බලධාරීන් කටයුතු නොකර ඇති බවට විවිධ කටකතා විලාසිතා දැක්ම ආරම්භයට පෙර සිටම පැතිර තිබූ බවද විදෙස් වාර්තා පවසයි.
මේ අතර, ප්‍රථම වතාවට චීන නිරූපණ ශිල්පිනියන්ද 7 දෙනෙකුද මෙවර වික්ටෝරියාස් සීක්‍රෙට් විලාසිතා දැක්ම වෙත අවස්ථාව ලබා තිබූ අතර, ඉන් එක් අයෙකු අන්තර්ජාලය හරහා ප්‍රචාරය කෙරුණු රියැලිටි තරගයක ජයග්‍රාහිකාවක ලෙස තෝරාගත් අයෙකි.
එමෙන්ම, මෙම විලාසිතා දැක්ම අතරතුර පැවති සංගීත ප්‍රසංගයේ ගී ගැයූ ටේලර් ස්විෆ්ට් ආදීන් සමග ගී ගැයීමට චීන පොප් තරුවක වූ ජේන් සැන්ග් වෙත අවස්තාව හිමිවීමද විශේෂත්වයක් බව සඳහන් වෙයි.
මෙවර විලාසිතා දැක්ම ආරාධිතයන්ට පමණක් වෙන්වන බව වික්ටෝරියාස් සීක්‍රෙට් වෙබ් අඩවියේ සඳහන් වුවත්, චීන විලාසිතා වෙබ් අඩවියක් විසින් ඇ.ඩො.25,300 බැගින් හා ටාඕබාඕ වෙබ් අඩවිය විසින් ඇ.ඩො.45,000 බැගින් එහි ප්‍රවේශ පත්‍ර අලෙවි කර තිබූ බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.