1955 වර්ෂයේ ඇති වූ පූර්ණ සූර්ය ග්රහණයෙන් පසුව සිදුවන පළමු වැනි පූර්ණ සූර්ය ග්‍රහණය අත්විඳීමට ඇමෙරිකානු ජනතාවට ඊයේ (21දා) අවස්ථාව උදාවිය.
උතුරු ඇමෙරිකාවට පූර්ණ සූර්ය ග්‍රහණයක් ලෙස දර්ශනය වූ මෙය, ඊසානදිග ආසියාව, දකුණු ඇමෙරිකාව සහ බටහිර යුරෝපා රටවලට අර්ධ සූර්ය ග්‍රහණයක් ලෙස දර්ශනය විය.
මෙවැනි පූර්ණ සූර්ය ග්‍රහණයක් ඇමෙරිකාවට දර්ශනය වී තිබුණේ වසර 99කට පසුවය. එනම්, 1918 ජුනි 08 වැනිදා ඇමෙරිකාවේ සිදුවූ පූර්ණ සූර්ය ග්රහණයෙන් පසුව දර්ශනය ඊයේ (21දා) දර්ශනය වූ පූර්ණ සූර්ය ග්‍රහණය නැරඹීමට ඇමෙරිකානුවන් මිලියන ගණනින් සැදී පැහැදී සිටියහ.
ඒ අතර, ඇමෙරිකානු ජනපති ඩොලන්ඩ් ට්‍රම්ප්, ආර්යාව, දරුවන්ද දැකගත හැකි වූ අතර, සූර්ය ග්‍රහණය දෙස පියවි දෙනෙතින් බැලීම අනතුරුදායක බැවින් ඒ සඳහා විශේෂිත කණ්නාඩි වැනි ආරක්ෂිත උපක්‍රම භාවිත කළ යුතු බව පවසා තිබුණත්, වරෙක ට්‍රම්ප් පියවි ඇසින් හිරු දෙස බලන දසුනක් මාධ්‍යයේ පළ වී තිබුණේ ට්‍රම්ප් වෙත උපහාසයක්ද එල්ල කරමිනි.
මේ අතර, ඇතැම් ඇමෙරිකානුවන් සූර්ය ග්‍රහණය සිදුවන අවස්ථාවේදී ආගම සිහිකරන ආකාරය මෙන්ම, ඉන් තමන් වෙත ආශිර්වාද ලබාගැනීමට කටයුතු කරන දසුන් මෙන්ම, ඇතැම් ඇමෙරිකානුවන් නිරුවතින් පවා ඒ දෙස බලා සිටි බවද විදෙස් වාර්තා පවසා තිබුණි.
එමෙන්ම, මෙම පූර්ණ සූර්ය ග්‍රහණය, umbra හෙවත් සඳෙහි පූර්ණ ඡායාව ඇමෙරිකානුවන් අත්විඳින විට අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටින ගගනගාමීන් හය දෙනෙකුද ඒ අත්දැකීම අභ්‍යවකාශයේ සිට ඉතා අපූරුවට අත්විඳි බව නාසා ආයතනය පවසයි.
අමාවක දිනකදී පෘථිවිය හා සූර්යයා අතරට චන්ද්‍රයා පැමිණි විට චන්ද්‍රයාගේ සෙවණැල්ල පෘථිවිය මත වැටෙන ප්‍රදේශවලට සූර්යග්‍රහණය ඇති වෙයි.