වසර 4ක් තලේබාන් අත්අඩංගුවේ සිටි උපකුලපති බේරාගැනේ
තලේබාන් ත්රස්තයන් විසින් බලහත්කාරයෙන් රඳවා ගෙන සිටි පාකිස්තානයේ විශ්වවිද්‍යාල උපකුලපතිවරයෙකු වසර 4කට පසු නිදහස් කරගැනීමට හැකිවී ඇති බව වාර්තා වෙයි.
63 හැවිරිදි මහාචාර්ය අජ්මාල් ඛාන් නමැති ඔහු පකිස්තානයේ පේශාවර් නගරයේ ඉස්ලාමියා විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා ලෙස සේවය කරමින් සිටියදී පැහැරගැනීමට ලක්ව තිබේ.
තලේබාන් වැසියන් තමන්ට ත්රස්තවාදීන්ගෙන් මිදී පළා යාමට උදව් කිරීමට කැමැත්තෙන් පසු වුවත්, ඔවුන්ගේ ජීවිතවලට තලෙයිබාන් ත්රස්තවාදීන්ගෙන් එල්ල විය හැකි තර්ජන හේතුවෙන් තමන් එවැනි පියවරක් නොගත් බව නිදහස ලැබූ මහාචාර්යවරයා පවසා ඇත.
එහිදී, තස්තයන් තමන්ට වදහිංසා නොකළ බවත්, ඔවුන්ගේ දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට තමන් යොමු කළ බවත් හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ. ඒ අනුව, රඳවා ගෙන සිටි වසර 4ක කාලය පුරා තමන් දරුවන් 32 නෙකුට ඉංග්‍රීසි භාෂාව සහ ගණිතය ඉගැන්වූ බව ඔහු පවසා තිබේ.
කෙසේ වෙතත්, මහාචාර්යවරයා මුදාගැනීම සම්බන්ධයෙන් කවරාකාරයේ මෙහෙයුමක් සිදුකළේද යන්න පාකිස්තාන ආරක්ෂක අංශය මෙතෙක් අනාවරණයක් කර නොතිබීමද විශේෂත්වයකි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
