ඉන්දියාවේ හින්දු දේවස්ථානයකදී වයස අවුරුදු 12ක කුඩා දරුවෙකුගේ සිරුරේ කටු ගැසීම සම්බන්ධයෙන් එරට ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරිනියක විවේචනයක් එල්ල කර තිබේ.
දරුවාගේ හම ඉරමින් කටු ගසන ආකාරය දැකීමෙන් එම ජ්‍යේෂඨ පොලිස් නිලධාරිනිය පවසා තිබුණේ එය අතිශය ඉතා පහත් මානසික හා ශාරීරික හිංසනයක් බවයි.
ඉන්දියාවේ අපරාධ නීතිය යටතේ මේ සඳහා දඬුවම් ලබාදිය යුතු බවද ඇය කියා ඇත.
කේරලයේ හින්දු දේවස්ථානයක් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා ඇත්තේ මෙම ආගමික චාරිත්‍රය සිදුකිරීම සඳහා ඔවුන් කිසිවෙකුට බලනොකරන බවයි.
වාර්ෂිකව පැවැත්වෙන මෙම උත්සවය සඳහා බොහෝ හින්දු බැතිමතුන් සහභාගී වන අතර, මේ ආකාරයෙන් ශරීරයේ කටු ගසා ගනිමින් දෙවියන් පිදීම එහිදී සිදුවෙයි.