ලෝක ප්‍රකට චිත්‍ර ශිල්පී ලියනාඩෝ ඩා වින්සිගේ සිතුවමක් ඇතුළු වටිනා කලා නිර්මාණ රැසක් පෝලන්ත රජය ඉතා අඩු මුදලකට මිලදී ගෙන තිබේ.
යූරෝ බිලියන 2කට ඇස්තමේන්තු කර තිබූ මෙම කලා නිර්මාණ එකතුවට පෝලන්ත රජය ලබාදී තිබුණේ යූරෝ මිලියන 100ක් තරම් ඉතා අවම වටිනාකමක් බව කියැවෙයි.
කෙසේ වෙතත්, මේ නිර්මාණ එකතුව වෙන්දේසි කළ සාට්රොස්කි කෞතුක පදනමේ ප්‍රධානියා කියා සිටියේ පරිත්‍යාගයක් ලෙස සලකා රජය වෙත එම නිර්මාණ වට්ටම් මුදලකට ලබාදුන් බවයි.
එනමුදු, එම පදනමේ අධ්යක්ෂ මණ්ඩලය මීට විරෝධය පාමින් සිය ධුරයන්ගෙන් ඉවත්ව ගොස් ඇත.
කෙසේ වෙතත්, පදනමේ සභාපතිවරයා සඳහන් කර ඇත්තේ තමා කවදත් තම මුතුන්මිත්තන් අනුගමනය කරමින් කටයුතු කරන බවය. මන්දයත්, ඔවුන් සෑමදාම පෝලන්තය වෙනුවෙන් කටයුතු කළ බව පවසමින්, ඔහු මෙම වටිනා කෞතුක භාණ්ඩ රැසක අඩු මුදලකට පෝලන්ත රජයට ලබාදීමට තීරණය කර තිබේ.