ලෝකයේ සමුද්‍රයන් හි ජීවත් වන ක්ෂීරපායීන්, කුරුල්ලන්, මත්ස්‍යයින් හා උරගයින් ගහණය 1970 සිට හරි අඩකින් අඩුවී ඇති බව නවතම වාර්තාවක් හෙළි කරයි.
එම වාර්තාවට අනුව මෙසේ සමුද්‍ර ජීවී ගහණයේ අඩුවීම 49%ක් තරම් අතිශය දරුණු මට්ටමක පවතී.
මෙහිදී, මිනිසුන්ගේ ආහාර වශයෙන් ගැනීමද මෙම සතුන් වඳවීමට හේතුවක් ලෙස පෙන්වාදෙන එම වාර්තාව, ටූනා සහ මැකරල් මත්ස්‍ය ගහණයේ අඩුවීම 74%ක් තරම් අතිශය දරුණු තත්ත්වයක් බවද පෙන්වා දෙයි.
පමණ ඉක්මවා ධීවර කටයුතුවල නිරත වීම මෙන්ම, කාලගුණික වෙනස්වීම්ද සමුද්‍ර ජීවී ගහණය අඩුවීමට බලපා ඇති බව පවසයි.