ලෝකයට අත්‍යවශ්‍යව සිටි මත්ද්‍රව්‍ය කොටා කොටුවේ
ලෝකයට වඩාත් අත්‍යවශ්‍යව සිටි මත්ද්‍රව්‍ය අධිරාජ්‍යයෙකු ලෙස සැලකෙන ජෝක්වින් ගුස්මාන් හෙවත් එල් චැපෝ, නැත්නම් 'කොටා' (Shorty) මෙක්සිකෝවේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඇමෙරිකාව වෙත නීතිවිරෝධී මත්ද්‍රව්‍ය රැගෙන ඒමේ ජාවාරම ක්‍රියාත්මක කරන 'සිනාලෝආ කාර්ටලයේ' හෙවත් මත්ද්‍රව්‍ය ජාලයේ නායකත්වය දැරුවේද ඔහු විසිනි.
සේදීමට රැගෙන යන රෙදි බඳුනක රිංගමින්, 2001 වසරේදී අධි ආරක්ෂිත සිරමැදිරියකින් පැනයාමේ සිට මේ දක්වා ඔහු පොලීසියට කොටු පනිමින් ජීවත් විය.
ඇමෙරිකානු මත්ද්‍රව්‍ය විරෝධී අංශය සහ මෙක්සිකානු හමුදාව එක්ව කළ ඒකාබද්ධ මෙහයුමකදී 'කොටා' හෙවත් ගුස්මාන් අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
මෙක්සිකෝ ජනාධිපති එන්රීකේ පීනා නිටෝ විසින් වයඹදිග මෙක්සිකෝවේ සිනාලෝආ ප්‍රාන්තයේ, මසාට්ලන් හිදී ගුස්මාන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් දෙරටේම ආරක්ෂක අංශ වෙත සිය ස්තූතිය පළ කර තිබේ.
කොටා අත්අඩංගුවට ගැනීම සඳහා තොරතුරක් ලබා දෙන්නෙකුට ඇ.ඩො.මිලියන 5ක ත්‍යාගයක් ලබාදෙන බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවද නිවේදනයක් නිකුත් කර තිබුණි.
ඔහු දැඩි රැකවල් මධ්‍යයේ කෙලින්ම බන්ධනාගාරයට රැගෙන ගිය අතර, මත්ද්‍රව්‍ය කොටා අධිකරණය වෙත ඉදිරිපත් කරන බව බලධාරිහු පවසති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

