ලෝකයේ විශාලතම සරණාගත කඳවුර වසා දැමීමේ රජයේ තීරණය වැළැක්වීමට කෙන්යානු ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කර තිබේ.
කෙන්යාවේ ඩඩාබ් සරණාගත කඳවුර වසා දමමින්, එම කඳවුරේ සිටින 260,000ක් පමණ වන සෝමාලියානු සරණාගතයන්ව නැවත සිය රට වෙත පිටුවහල් කිරීමට පසුගිය වසරේදී තීරණය කෙරිණි.
කෙසේ වෙතත්, පසුව එම කඳවුර වසා දැමීමේ අවසන් දිනය මැයි මාසය දක්වා දීර්ඝ කෙරුණත්, එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කඳවුර වසා දැමීම වළක්වමින් තීන්දුවක් ප්‍රකාශයට පත්කර තිබේ.
එහිදී. කෙන්යානු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පවසා ඇත්තේ මෙම සරණාගත කඳවුර වසා දැමීමට තීරණය කිරීම හිංසනයකට සමාන බවයි. ඒ අනුව, මෙය වසා දැමීම අධිකරණය විසින් අත්හිටුවා තිබේ.
කෙසේ වෙතත්, රටේ ආරක්ෂාව පිළිබඳ සලකා බලා මීට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව කෙන්යානු රජය පවසයි.