සංචාරකයන්ගේ ආකර්ෂණයට බඳුන්වන, ලෝකයේ විශාලතම මත්ස්‍ය වෙළෙඳ පොළක් ලෙස ප්‍රකට ජපානයේ ප්‍රකට සුකිජි මාළු වෙළෙඳ සැලේ ඇති වූ ගින්නකින් දැඩි අලාභානි සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි.
වසර 80ක් පමණ පැරණි ටෝකියෝ නුවර පවතින මෙම දෛනික මාළු වෙළෙඳ සැල, අගනගරයේ වූ සුෂී අවන්හල් වෙත ටූනා මත්ස්‍යයින් සපයන ප්‍රමුඛතම වෙළෙඳ පොළ ලෙසද සැලකෙයි.
විශාල ගින්නක් මෙම වෙළෙඳ සංකීර්ණය අවට නැගී ඇති අතර, ගිනි නිවන රථ විශාල ප්‍රමාණයක් ගින්න මැඩ පැවැත්වීම සඳහා යොදාගෙන තිබුණි.
කෙසේ වෙතත්, ගින්න හේතුවෙන් ජීවිත හානි හෝ බරපතල තත්ත්වයේ සිදුවීම් ඊයේ රාත්‍රී වනවිට වාර්තා නොවීය.
ජපානයේ එන්.එච්.කේ රූපාවාහිනිය පවසන පරිදි එරට වේලාවෙන් සවස 4.50ට පමණ ගින්න හටගෙන තිබේ.