ලෝක ජනගහණයෙන් මිලියන 36ක් වහල්භාවයෙන් පෙළෙන බව නවතම වාර්තාවකින් පෙන්වා දෙන බව බී.බී.සී.ය පවසයි.
වහල්භාවයට එරෙහි සංවිධානයක් වන වෝල්ක් ෆ්‍රී සංවිධානය විසින් සිදුකරන ලද සමීක්ෂණයකින් මෙම තොරතුරු ගොනුකර ගෙන තිබේ.
බලහත්කාරයෙන් සේවයේ යෙදවීම, ණය හිලව් වීමට සේවයේ යෙදවීම, මිනිස් ජාවාරම, ලිංගික සේවයේ යෙදවීම හා බලහත්කාරයෙන් විවාහ කරදීම ආදී විවිධ මුහුණුවරයන්ගෙන් මෙම වහල්භාවය ඉදිරිපත් වෙයි.
2012 වසරේදී ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් ලෝකයේ වහල්භාවය පිළිබඳ සිදුකරන ලද සමීක්ෂණයෙන් මිලියන 21ක් වහල්භාවයෙන් පෙළෙන බව පැවසුණත්, මෙම නවතම සමීක්ෂණයට අනුව මේ වනවිට එම අගය ශීඝ්‍රයෙන් වැඩි වී ඇති බවද පැවසෙයි.