ලොව දැවැන්තම ප්රජාතන්ත්රවාදී මහ මැතිවරණය ලෙස පැවැති ඉන්දීය මහ මැතිවරණයේ අවසන් දින ඡන්ද විමසීඹ අද (12දා) පැවැත්විණි.
සති කිහිපයක් පුරා පැවති ඉන්දීය මහ මැතිවරණයේදී බටහිර බෙංගාලයේ ජනතාව ඉතා උනන්දුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට පෙළ ගැසී සිටිනු දක්නට ලැබුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව, මෙවර මහ මැතිවරණයේ ජයග්‍රාහකයා වනු ඇති බවට මූලික මත විමසීම්වලින් පෙරමුණ ගෙන සිටින භාරතීය ජනතා පක්ෂයේ නායක නරේන්ද්‍ර මෝඩි වැඩි ජනවරමක් බලාපොරොත්තු වන උත්තර් ප්‍රදේශයේ වරනාසි නුවර ඡන්ද විමසීම දෙස වැඩි දෙනාගේ අවධානය යොමුවූ බව කියැවෙයි.
එමෙන්ම, මෙවර ඉන්දීය මහ මැතිවරණයේ වෙනසක් ඇතිකරනු ඇතැයි සැලකෙන දූෂණ හා අක්රමිකතාවලට විරුද්ධව හඬ නගමින් ඉන්දියාව තුළ ප්‍රසිද්ධියක් උසුලන ආමි අදාම් පක්ෂයේ නායක අරවින්ද් කෙජ්රිවාල්ගෙන් නරේන්ද්‍ර මෝඩිට දැඩි අභියෝගයක් එල්ල වෙමින් පවතින බවද වාර්තා විය.
මිලියන 814ක ඡන්දදායකයන් පිරිසක් ඡන්දය ප්‍රකාශ කරන මැරතන් තරගයක් බඳු ඉන්දීය මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම ලබන 16 වැනිදා ආරම්භ කෙරෙනු ඇත.