දකුණු සුඩානයේ ආහාර හිඟය ලොව දරුණුතම සාගතය ලෙස හඳුන්වන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය දකුණු සුඩානය සඳහා ලබාදෙන බවට පොරොන්දු වූ ඇ.ඩො.මිලියන 618ක ආධාර මුදල් ලබාදීමට වහාම පියවර ගන්නා ලෙස පොරොන්දු දුන් රටවලින් ඉල්ලීමක් කර සිටී.
ඔවුන් පෙන්වා දෙන්නේ එරට උද්ගතව ඇති ආහාර හිඟය මහා ව්‍යසනයක් දක්වා පැමිණ ඇති බවයි.
මේ අතර, එක්සත්ජ ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් ආයතනය පෙන්වා දෙන්නේ රටේ ජනගහනයෙන් තුනෙන් එකක් හෙවත්, මිලියන 4ක පමණ ජනතාව දරුණු ආහාර හිඟයකට මුහුණ පා සිටින බවයි.
එමෙන්ම, ආහාර නොමැතිව දරුවන් 50,000ක් පමණ මිය යා හැකි බවටත් එම සංවිධානය අනතුරු අඟවයි.
දකුණු සුඩාන කැරලිකරුවන් සහ එරට හමුදාව අතර පවතින යුද ගැටුම් නිසා දකුණු සුඩානය දරුණු ආහාර අහේනියකට මුහුණ පා සිටියි.