ලොව උසම කඳුකරය පිරිසුදු කිරීමේ මෙහෙයුමක් අරඹයි
එවරස්ට් කඳුකරය පිරිසුදු කිරීමේ විශේෂ ව්‍යාපෘතියක් අරඹමින් කසල ටොන් 100ක් ඒකරැස් කිරීමට සූදානම් වෙයි.
ලොව උසම කඳු මුදුන ලෙස සැලකෙන එවරස්ට් සංචාරය කරන කඳු නගින්නන් මෙන්ම, ඒ ආසන්නයට යන සංචාරකයන් විසින් බැහැර කරන ලද කසල මගින් මේ සුන්දර කඳුකරය අසුන්දර වෙමින් මහා පරිසර ව්‍යසනයක් සිදුවන බවට පරිසරවේදීහු චෝදනා නඟති.
ඒ අනුව, මෙම ව්‍යාපෘතියේ පළමු දින එක්රැස් කරන ලද කිලෝග්‍රෑම් 1,200ක කසල ලූක්ලා ගුවන් තොටුපොළේ සිට කත්මණ්ඩු වෙත ගුවනින් රැගෙන ගොස් ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියට යොමුකර තිබුණි.
කඳු නගින්නන් විසින් ඔවුන් රැගෙන යන සෑම භාණ්ඩයකටම අදාළ කසළ යළි පහළට රැගෙන ඒම අනිවාර්යය කර තිබුණත්, සෑම ඉතා විශාල කසල ප්‍රමාණයක් මේ ආශ්‍රිතව එක්රැස් වන බව කියැවෙයි.
මෙම වසරේ මෙම ව්‍යාපෘතියේ විශේෂත්වය වන්නේ ඔවුන් එක්රැස් කරන කසළ යළි ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියක් වෙත යොමු කිරීමය.
මේ සඳහා කසල යළි කත්මණ්ඩු වෙත රැගෙන ඒම සඳහා එරට පෞද්ගලික අංශයේ ගුවන් සේවයක් වන යෙටී ගුවන් සේවය සිය සේවය නොමිලේ සැපයීමට ඉදිරිපත්ව සිටියි.
එවරස්ට් ආශ්‍රිතව එක්රැස් වන බොහෝමයක් කසල අතර හිස් බියර් කෑන්, ආහාර දවටන හා ටින් මෙන්ම, කඳු නගින්නන් විසින් අත්හැර දමා යන ඔවුන්ගේ ආම්පන්න බව කියැවෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.



