ලෙනින් ඉන්දියාවෙන් ගැලවෙයි
ඉන්දියාවේ ඊසානදිග ත්‍රිපූර ප්‍රාන්තයෙන් කොමියුනිස්ට් පක්ෂය පරාජයට පත්වීමත් සමග භාරතීය ජනතා පක්ෂ සාමාජිකයන් විසින් හිටපු සෝවියට් නායක ලෙනින්ගේ ප්‍රතිමාවක් බිම හෙළා තිබේ.
වසර 25කට ආසන්න කාලයක් ප්‍රාන්තයේ පාලනය ගෙනගිය කොමියුනිස්ට් පක්ෂයට අන්ත පරාජයක් අත්කර දෙමින් භාරතීය ජනතා පක්ෂය ප්‍රාන්තයේ දැවැන්ත ජයග්‍රහණයක් ලැබීමෙන් දිනකට පසුව මෙම සිදුවීම සිදුව ඇත.
වසර පහක් පමණ පැරණි මෙම ප්‍රතිමාව බෙලෝනියා නගරයේ ප්‍රතිස්ථාපනය කර තිබූ අතර, එක්ස්කැවේටර් යන්ත්‍රයක් ආධාරයෙන් එය බිම හෙළා ඇති බව කියැවෙයි.
කෙසේ වෙතත්, මේ සමගම බී.ජේ.පී. සහ කොමියුනිස්ට් පාක්ෂිකයන් අතර ප්‍රාන්තය පුරා ගැටුම් ඇතිවූ බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
එන්.ඩී.ටී.වී. වාර්තා කළේ භාරතීය ජනතා පක්ෂයේ ක්‍රියාකාරීන් විසින් එක්ස්කැවේටර් යන්ත්‍රය ගෙනවිත් මෙම ප්‍රතිමාව බිම හෙලූ බවයි.
අනතුරුව ඔවුන් ලෙනින් ප්‍රතිමාවෙන් වෙන්වූ හිසෙන් පාපන්දු ක්‍රීඩාවේ යෙදුණු බවද එම වාර්තා වැඩිදුරටත් පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


