ලිබියාවේ ක්‍රියාත්මක IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන්ගේ මර්මස්ථාන වෙත ඇමෙරිකාව විසින් ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කර ඇත බව විදෙස් වාර්තා පවසයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහාය ලබන ලිබියානු රජයේ ඉල්ලීම පරිදි මෙම ප්‍රහාර එල්ල කළ බව පෙන්ටගනය කියයි.
ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන්ගේ බල කඳවුරක් ලෙස සැලකෙන සර්ටේ වරාය නගරය මෙම ගුවන් ප්‍රහාරවල ප්‍රධානතම ඉලක්කය බවට පත්ව තිබේ.
මෙම ප්‍රහාරයෙන් අනතුරුව රූපවාහිනිය ඔස්සේ අදහස් දැක්වූ ලිබියානු අගමැති ෆයේස් අල්-සරාජ් පවසා සිටියේ මෙම ප්‍රහාරවලින් ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන්ට බරපතල හානි සිදුව ඇති බවයි.
ලිබියාව තුළ ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන්ගේ නැගී සිටීම පාලනය සඳහා බටහිර රාජ්‍යයන් දැඩි අවධානයක් යොමුකර ඇත්තේ, පසුගිය කාලය පුරා යුරෝපය සිදුවූ පහරදීම් සමගිනි.