ලෑලි කිහිපයක් හා ප්ලාස්ටික් බැරල් කිහිපයක් යොදාගෙන සාදාගත් පහුරක් ආධාරයෙන් ප්‍රංශයේ කලායිස් සිට මහා බ්‍රිතාන්‍ය දක්වා ඉංග්‍රීසි ඕඩය තරණය කිරීමට තැත් කළ ඇෆ්ගන් ජාතිකයෙකු බේරා ගැනීමට ප්‍රංශ වෙරළ ආරක්ෂකයන් සමත්ව තිබේ.
අසීෆ් හස්සයින්ඛිල් නමැති 23 හැවිරිදි මෙම තරුණයා සැතපුම් 21 ක් දුර සමුද්‍ර සන්ධිය තරණය කිරීම සඳහා මීට පෙර අවස්ථා 7කදී උත්සාහ කර ඇත්තෙකු බවද කියැවෙයි. නමුත්, ඒ සෑම අවස්ථාවකදීම ඔහු පොලීසියට කොටු වී ඇත.
කලායිස් යනු එංගලන්තය බලා සංක්‍රමණය වීමට බලාපොරොත්තුවෙන් සිටින නීති විරෝධී සංක්‍රමණිකයන් දහස් ගණනකට නිවහනක් බව කියැවෙයි.
සෑම දිනකම මෙම වරාය වෙත නීති විරෝධී සංක්‍රමණිකයන් එක්රැස් වෙන්නේ එංගලන්තය වෙත යැවෙන ලොරි රථවල සැඟවී ඒ වෙත පළා යාමටය.
එමෙන්ම, හස්සයින්ඛිල් තරුණයා මෙන්ම පහුරක නැගී එංගලන්තය බලා යෑමට උත්සාහ කරන්නන්ද දැකිය හැකිය.
මැදපෙරදිග කලාපයේ හා උතුරු අප්‍රිකාවේ පවතින ගැටුම් මේ ආකාරයෙන් සංක්‍රමණිකයන් වැඩිවීම කෙරෙහි බලපා ඇති බව විදෙස් පුවත් සේවා පවසයි.
කෙසේ වෙතත් ප්‍රංශයේ කලායිස් හි බලධාරීන් මෙවැනි තරුණයන්ට යම් යම් වරප්‍රසාද ලබාදීමට කතා කළත්, ඔවුන් එංගලන්තය බලා යාමේ අවදානම් සහගත ගමන අත් නොහරින බවද කියැවෙයි.