ලන්ඩනයේ උමං දුම්රිය වර්ජනයක් හේතුවෙන් නගරය පුරා ජනතාව දැඩි පීඩාවකට ලක්වෙමින්, එදිනෙදා කටයුතු අඩපණ වී තිබේ.
බදාදා දිනයේ සවස සිට උමං දුම්රිය සේවා නවතා දමා ඇත්තේ ඔවුන්ගේ වේතන හා පහසුකම් පිළිබඳ රජයට චෝදනා කරමිනි. ඔවුන් සිකුරාදා උදෑසන දක්වා සේවය නොකරන බව කියැවෙයි.
මෙසේ දුම්රිය ඇණහිටීමත් සමගම බස් රථ 200ක් පමණ වැඩිපුර නගරයේ ප්රවාහන කටයුතු වෙනුවෙන් යොදවා තිබුණු බව වාර්තා වෙයි.
එමෙන්ම, තේම්ස් නදිය මගින් සිදුකෙරෙන ප්රවාහන සේවාවන්ද වැඩි කර තිබේ.
ලන්ඩන් උමං දුම්රිය සේවයේ කළමනාකාර අධ්යක්ෂවරයා මෙම වැඩවර්ජනය සම්බන්ධයෙන් ජනතාවගෙන් සමාව ඉල්ලා ඇති අතර, මෙය සාධාරණ වර්ජනයක් නොවන බවද පවසා තිබේ.