නැගෙනහිර ලන්ඩනයේ උමං දුම්රිය ස්ථානයක සිදුවූ පිහි ඇණුම් සිද්ධිය ඉස්ලාම් අන්තවාදීන්ගේ ත්‍රස්ත ක්‍රියාවක් බව බ්‍රිතාන්‍ය පොලීසිය පවසයි.
සෙනසුරාදා දිනයේ පස්වරු 7.00ට පමණ ලෙයිටෝන්ස්ටෝන් නගරයේ උමං දුම්රිය ස්ථානයක මෙම පිහි ඇණුම සිදුකළ පුද්ගලයා එම ප්‍රහාරයෙන් පසුව එය සිරියාව වෙනුවෙන් සිදුකළ ප්‍රහාරයක් බව කෑ ගසා පවසා තිබේ.
මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලැබූ අතර, ඉන් අයෙකුගේ තත්ත්වය බරපතල බවද විදෙස් වාර්තා පවසයි.
ප්‍රහාරය සිදුවූ අවස්ථාවේදී පොලීසියේ මැදිහත් වීමෙන් ප්‍රහාරකයා අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ.
මෙට්‍රොපොලිටන් පොලීසීයේ ප්‍රති-ත්‍රස්ත කණ්ඩායම් මෙහෙයුම් සිදුකරයි.