මියන්මාරයේ රොහින්ග්යා අර්බුදය ඇතිවී තිබෙන රඛයින් පළාතේ හදිසි සංචාරයක නිරත වීමට එරට නිල නොලත් නායිකා අවුන්ග්සාන් සුඛී කටයුතු කර තිබේ.
රොහින්ග්යා අර්බුදය ඇතිවීමෙන් පසුව සුඛී එම පළාතේ සංචාරයක නිරත වූ ප්රථම අවස්තාව මෙයයි.
මෙම සංචාරයට සුඛී සමග එරට රජයේ නිලධාරීන් පිරිසක්ද සහභාගී වී ඇති ඇති බව විදෙස් වාර්තා පවසයි.
මියන්මාරයේ රඛයින් පළාතේ රොහින්ග්යා සටන්කාමීන් සහ මියන්මාර රජයේ හමුදා අතර ඇති වූ ගැටුම් හේතුවෙන් පසුගිය අගෝස්තු 25දා සිට මේ දක්වා රොහින්ග්යා වැසියන් ලක්ෂ 6ක් පමණ දේශසීමා පසුකරමින් අසල්වැසි බංග්ලාදේශය පළාගොස් තිබුණි.
රඛයින් පළාතේ පොලිස් ස්ථාන 30ක් ඉලක්ක කරමින් සටන්කාමීන් එල්ල කරනලද ප්රහාරය මෙම ගැටුම්වලට මුල්වූ අතර, මෙම ගැටුම් හේතුවෙන් ජීවිත හානි රැසක්ද සිදුව තිබුණි.
මෙම තත්ත්වය මියන්මාර හමුදාව සිදුකරන ජනවාර්ගික අතුගාදැමීමක් ලෙස ලෝකය සඳහන් කළද, මෙම අන්තවාදී මුස්ලිම් කණ්ඩායම් වෙතින් මියන්මාර ජනතාවට එල්ල වූ තර්ජනය ඊටත් වඩා එහා ගිය කාරණාවක් බවත් සුඛී වරෙක එරට පාර්ලිමේන්තුව අමතමින් කීවාය.