සිම්බාබ්වේ ජනපති රොබට් මුගාබේට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනඒම සඳහා එරට පාලක පක්ෂය කටයුතු කරමින් සිටියි.
සානු පී.එෆ්. පක්ෂය පවසන්නේ ජනාධිපතිවරයා බලයෙන් පහ කිරීම සඳහා මෝසමක් පාර්ලිමේන්තුවට භාරදීම අද (21දා) සිදුවනු ඇති අතර, එම ක්‍රියාවලියට දින දෙකක් පමණ ගතවනු ඇති බවයි.
මෙම මෝසම මගින් 93 හැවිරිදි ජනාධිපතිවරයාට චෝදනා කරන පාලක පක්ෂය ඔහු සිය බිරිඳ වන ග්‍රේස් මුගාබේට ව්‍යවස්ථාදායකයේ බලය අනිසි ලෙස පාවිච්චි කිරීමට උදව් ලබාදී ඇති බව කියයි.
මේ අතර, වත්මන් ජනපතිවරයා බලයෙන් පහ කිරීමට කටයුතු කළ එරට හමුදාව පවසා සිටියේ රොබට් මුගාබේ විසින් ධුරයෙන් නෙරපා දැමූ උප ජනාධිපතිවරයා මුණ ගැසීම සිදුවනු ඇති බවයි.