රුසියානු ගුවන් යානයක් බිම හෙළීම සම්බන්ධයෙන් රුසියාව හා තුර්කිය අතර ඇතිවී තිබෙන උණුසුම් වාතාවරණය නවතා දැමීමට කාලය බව ඇමෙරිකානු ජනපති බරැක් ඔබාමා පවසයි.
පැරීසියේදී තුර්කි ජනපති රිසෙප් තයේප් එර්ඩෝගාන් හමුවූ අවස්ථාවේදී ඔබාමා පවසා ඇත්තේ තුර්කියට සිය ගුවන් සීමාව ආරක්ෂා කරගැනීමේ හැකියාවක් පවතින බවයි.
එමෙන්ම, තුර්කිය දරන්නා වූ ඒ මතය සමග ඇමෙරිකාව සිටින බවද ඔබාමා පවසා තිබේ. කෙසේ වෙතත්, තුර්කිය හා රුසියාව ක්‍රමයෙන් වර්ධනය වන මේ උණුසුම අඩුකර ගත යුතු බවද ඔබාමා පවසා තිබේ.
කෙසේ වෙතත්, ඔබාමාගේ එම කතාව හරහා ඔහු වක්‍රකාරයෙන් රුසියාව වෙත චෝදනා කරන බවක් ස්වාධීන මාධ්‍ය වාර්තා කරයි.
කෙසේ වෙතත්, ඔබාමා මෙහිදී පවසා අත්තේ අපේ පොදු සතුරා ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන් විය යුතු බවයි. එහිදී, සියල්ලන්ම ඒ පොදු සතුරා ඉලක්ක කළ යුතු බවද ඔබාමා පවසා තිබේ.