රුසියාවට එරෙහිව සම්බාධක පනවා ඇති රටවලින් ආනයනය කරනු ලබන පශු හා කෘෂි නිෂ්පාදනවලට තහනමක් හෝ බාධාවක් ඇති කිරීමට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් කටයුතු කර ඇති බව වාර්තා වෙයි.
විශේෂ නිවේදනයක් නිකුත් කරන රුසියානු ජනාධිපතිවරයා එම තහනම් නියෝගය කෙටි කාලීනව ආනයනය කරනු ලබන ආහාර ද්‍රව්‍යවලටද බලපැවැත්වෙන බව කියැවෙයි.
ඒ අනුව, රජයේ දෙපාර්තමේන්තු මගින් මෙසේ තහනමට ලක්වූ නිෂ්පාදනවල ලැයිස්තුවක් ප්‍රකාශයට පත්කර ඇත.
රුසියාව මීට පෙරත් ඇතැම් විදේශීය නිෂ්පාදන තම රටට ගෙන්වීම තහනම් කර තිබුණත්, එවර ඔවුන් එසේ කර තිබුනේ මහජන සෞඛ්‍ය පිළිබඳ සැලකිල්ලට ගනිමිනි.
නමුත්, මෙවර ඒ තහනම පැනවෙන්නේ තම රටට එරෙහිව සම්බාධක පනවන රටවලට දඬුවමක් ලෙසිනි.