රුසියානු ප්‍රහාරක යානා යුක්රේනයට ඇතුළු වෙයි
නැගෙනහිර යුක්රේනය තුළ ඇතිවී තිබෙන උණුසුම්කාරී වාතාවරණය සමග රුසියානු ප්‍රහාරක යානා අවස්ථා කිහිපයකදීම යුක්රේන ගුවන් සීමාව උල්ලංඝනය කරමින් එරටට ඇතුළු වී ඇතැයි ඇමෙරිකාව කියයි.
මේ සම්බන්ධයෙන් පෙන්ටගන් ප්‍රකාශකයෙකු රුසියාව වෙත දන්වා තිබුනේ පවතින තත්ත්වය උග්‍ර කිරීමට ක්‍රියා නොකරන ලෙසයි.
G7 කාර්මික රටවල් විසින් පසුගිය සෙනසුරාදා දිනයේදී රුසියාවට එරෙහිව නව සම්බාධක පැනවීමේ ක්‍රියාමාර්ගය සමග මෙම ප්‍රකාශයද පැමිණ ඇති බව වාර්තා වෙයි.
යුක්රේනය චෝදනා කරමින් කියා සිටින්නේ මේ වනවිට රුසියානු හමුදා දහස් ගණනින් දේශසීමා ආසන්නයේ යුද අභ්‍යාසවල නිරත වන බවයි.
මේ අතර රුසියානු හිතවාදීන් විසින් නැගෙනහිර යුක්රේනයේ රජයේ ගොඩනැගිලි වෙත කඩා පනිමින් ඒවා අත්පත් කරගනිමින් සිටින බවද පැවසෙයි.
මේ තත්ත්වය තුළ රුසියාව බටහිර අදහස් තුට්ටුවකට මායිම් නොකර ආකාරයක්ද පෙන්නුම් කරන්නේ යැයි විදෙස් මාධ්‍ය පවසයි.
කෙසේ වෙතත් මෙම අර්බුදය ඇමෙරිකානු රුසියානු යුද්ධයක් දක්වා දුරදිග යනු ඇතිද යන්න ගැන බොහෝ රටවල් විමසිලිමත්ව සිටී.
.gif)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

