රාජ්‍යයන් 20කට වැඩි ප්‍රමාණයක් විසින් රුසියාවේ රාජතාන්ත්‍රිකයන් සිය රටවලින් නෙරපා දැමීමට කටයුතු කිරීමට එරෙහිව දැඩි පියවර ගන්නා බව රුසියාව අවධාරණය කරයි.
බ්‍රිතාන්‍යයේ සිටි රුසියානු ජාතික හිටපු බුද්ධි නිලධාරියෙකු හා ඔහුගේ දියණියට විෂ ශරීරගත කිරීමේ සිද්ධියක් මූලික කරගනිමින් යුරෝපා රාජ්‍යයන් හා එක්සත් ජනපදය ඇතුළුව ලොව පුරා රටවල් 20කට වැඩි ප්‍රමාණයක් සිය රටවල සිටින රුසියානු රාජතාන්ත්‍රිකයන් මෙසේ පිටුවහල් කිරීම පසුගිය දින කිහිපය පුරා සිදුවිය.
මේ අතර, ඇමෙරිකාවේ සිටින රුසියානු රාජතාන්ත්රිකයක් පිරිසක්ද පිටුවහල් කිරීමට කටයුතු කර තිබුණු බව පවසන රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය සර්ජි සර්ගෙයි රයිබ්කෝව් පවසන්නේ, මේ තත්ත්වය තුළ වුවද ඉදිරියේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටද තමන් සූදානම් බවයි.
පසුගිය මාසයේදී රුසියානු හිටපු බුද්ධි අංශ නිලධාරියෙකු වන සර්ජි ස්ක්‍රිපාල් සහ ඔහුගේ දියණිය වන යූලියා විෂ ශරීරගත වීමකට ලක්වූ අතර, ඔවුන් තවමත් ප්‍රතිකාර ලබමින් සිටියි.
මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළ බ්‍රිතාන්‍ය විශේෂඥයන් පවසා සිටියේ මේ පසුපස රුසියානු කුමන්ත්‍රණයක් හා මෙහෙයුමක් ඇති බව විශ්වාස කළ හැකි බවයි. මේ තත්ත්වය තුළ බ්‍රිතාන්‍ය විසින් මුලින්ම සිය රටේ සිටි රුසියානු රාජතාන්ත්‍රිකයන් පිටුවහල් කරනු ලැබූ අතර, පසුව රැල්ලට මෙන් මෙය සිදුවිය.
මේ පිලිබඳ අදහස් දක්වන රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ මේ තත්ත්වය සැබෑ ලෙසම මිත්රදෝහී තත්ත්වයක් බවයි. කිසිදු දැනුම්දීමකින් හෝ තොරව තම රාජතාන්ත්රිකයන්ට සිදුකළ මේ හිරිහැරයට රුසියාව ප්‍රතිචාර දක්වන දිනය වැඩි ඈතක නොවන බවද ඔවුහු පවසා සිටියහ.