රම්මාසන් සුළි කුණාටුව මධ්‍යම පිලිපීනය වෙත බලවත් හානි සිදුකරමින් ඇතුළු වී ඇති බව විදෙස් පුවත් සේවා පවසයි.
සුළි කුණාටුව හේතුවෙන් දහස් ගණන් ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා යෑමට අනතුරු අඟවා තිබුණි.
පිලිපීනයේ ප්‍රධාන දූපත ලෙස සැලකෙන ලූසෝන් වෙත පැයට කිලෝමීටර් 185ක සුළං වේගයක් සමග සුළි කුණාටුව ඇතුළු වී තිබේ.
බලධාරීන් පෙන්වා දෙන පරිදි මේ වනවිට සුළි කුණාටුවෙන් ජීවිත හානි 10ක් පමණ සිදුව තිබේ.
එමෙන්ම, සුළි කුණාටුවේ කේන්ද්‍රය මැනිලා අගනගරයේ දකුණුදිග ප්‍රදේශය පසුකළ බවත්, අධික සුළං සමග ධාරාණිපාත වර්ෂාවක් ඇද හැලුණු බවත් කියැවෙයි.
අද (16දා) දිනයේදී රජයේ ආයතන, පාසල් වසා දැමීමට කටයුතු කර තිබුණු අතර, ගුවන් ගමන්ද අවලංගු කර තිබුණි.