නැගෙනහිර යුක්රේනයට ඉහළ අහසේදී මිසයිල ප්රහාරයකට ලක්ව අනතුරට පත් මැලේසියානු MH17 යානයේ සිටි මැලේසියානු ජාතිකයන් 20 දෙනෙකුගේ මළ සිරුරු ඊයේ (22දා) විශේෂ ගුවන් යානයක් මගින් මැලේසියාවට ගෙන එන ලදී.
ඒ අනුව, මේ වෙනුවෙන් මැලේසියාවේ ශෝක දිනයක් ප්රකාශයට පත් කළ අතර, මැලේසියාව පුරා ජාතික ධජය අඩකුඹු කරන්නට විය.
පසුගිය ජූලි 17 වැනිදා MH17 ගුවන් යානය මිසයිල ප්රහාරයකට ලක්වූ අතර, එය රුසියානු හිතවාදී කැරලිකරුවන්ගේ ප්රහාරයක් බවට චෝදනා නැගුණත් ඔවුන් කියන්නේ එය යුක්රේන ආරක්ෂක අංශ එල්ල කළ ප්රහාරයක් බවය.
අනතුරට පත් යානයේ සිට මියගිය සියලුම මැලේසියානු ජාතිකයන්ගේ මළ සිරුරු තවම හඳුනාගෙන නොමැති අතර, හඳුනාගැනෙන මළ සිරුරු මේ ආකාරයෙන් රැගෙන ඒමට කටයුතු කර තිබේ.
පුද්ගලයන් 298 දෙනෙකු ගමන් කරමින් සිටියදී කඩා වැටුණු යානයේ සිටි සියලු දෙනා මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්වූහ.